පියාසැරිය

Tuesday, February 2, 2010

අප්‍රිකානු සංගමයේ සභාපතිකමින් ගඩාෆි ඉවතට



මෙවර අප්‍රිකානු සංගමයෙ වාර්ෂික රැස්වීමෙදි මෙතෙක් එහි සභාපතිකම දරපු ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆිට (Muammar Gaddafi) ඒ තනතුර තව දුරටත් රැක ගන්න බැරිවෙලා. අළුත් සභාපති විදියට පත්වෙලා තියෙන්නෙ මලාවි රාජ්‍යයෙ ජනාධිපති බිංගු වා මුතාරිකා (Bingu wa Mutharika).


පසුගිය අවුරුද්ද පුරා සභාපතිකම දරපු ගඩාෆිගෙ අරමුණ වෙලා තියෙන්නෙ දිගටම තනතුරේ රැඳෙන්න. ටියුනීසියාවෙ සහය ඔහුට ලැබිල තියෙනවා. ඒ අතරෙ තවත් දුප්පත් රටවල් කිහිපයක සාමාජික ගාස්තු ගෙවල ඒ රටවල සහයෝගය ගන්නත් උත්සාහ කරල තියෙනව කියලයි ආරංචිය. ඒත් දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු රටවල් වැඩි ගණනක සහයෝගය මලාවියට ලැබිල. තනතුර අතෑරල යන්න ගඩාෆි බොහොම අකමැත්තෙන් ඉඳල තියෙන්නෙ.
evil

මෙවර සමුළුව පැවැත්වුණේ ඉතියෝපියාවෙ අගනුවර වන අඩිස් අබාබා නගරයෙදි. මෙහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් බන් කි මූන් මහතා සමුළුව ඇමතීමත් විශේෂත්වයක්. අප්‍රිකානු සංගමය මගින් කලාපයේ මැලේරියා සහ සරම්ප වසංගත පාලනය කිරීමට ගත්තු පියවර ඔහු අගය කළා. ඔහු තවදුරටත් කිව්වෙ දැනට සූඩානයේ පවතින දේශපාලන අර්බුදය විසඳන්න සංගමයෙන් පියවර ගන්න ඕන කියල.

දවස් තුනක් පැවැත්වෙන මේ සමුළුවෙදි සෝමාලියාවෙ මතුවෙලා තියෙන ගැටලු ගැන සාකච්ඡා කිරීම වගේම සෙනගාලයෙන් ඉදිරිපත් කරල තියෙන හයිටියේ සරණාගතයන් නැවත පදිංචි කිරීමේ යෝජනාවකුත් සැළකිල්ලට ගන්න ඉන්න බවයි ආරංචිය.

ලෝක සිතියමේ අප්‍රිකානු සංගමයට අයත් රටවල් පිහිටලා තියෙන්නෙ මේ විදියට:


වැදගත් සබැඳි:
අප්‍රිකානු සංගමය
මුවම්මර් ගඩාෆි
ලිබියාව
මලාවි

මෙම ලිපියේ මූලාශ්‍ර:
http://en.wikinews.org/wiki/Gaddafi_loses_African_Union_chair?dpl_id=151155
http://www.nytimes.com/reuters/2010/01/31/world/international-uk-africa-summit.html?_r=1&scp=1&sq=gaddafi&st=cse
http://news.bbc.co.uk/2/hi/africa/8489724.stm

0 ප්‍රතිචාර:

Post a Comment