පියාසැරිය

Tuesday, February 9, 2010

පකිස්තානයේ තලේබාන් නායකයා මරුට

පකිස්තානය කියන්නෙ තලේබාන් සටන්කාමීන්ගෙ වැඩ නිසා පහුගිය දවස්වල හොඳට බැට කාපු රටක්. අළුතින් එන ආරංචිවල විදියට ඇමෙරිකානු හමුදාවෙන් එල්ල කරපු ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් (drone missile attack) පකිස්තානයෙ මෙතෙක් කල් තලේබාන් නායකය වෙලා හිටපු හකිමුල්ලා මෂුඩ් (Hakimullah Mahsud) මිය ගිහින්. අද (පෙබරවාරි 9) තමයි පකිස්තාන තලේබාන් අංශය ඔහුගෙ මරණය සනාථ කරල තියෙන්නෙ.

මියයන කොට මෂුඩ් අවුරුදු 28ක තරුණයෙක්. පහුගිය කාලෙ පකිස්තානයෙ නගරවල දිගට හරහට පුපුරපු මරාගෙන මැරෙන ප්‍රහාරවලට මුල් වෙලා තියෙන්නෙ මොහු කියලයි කියන්නෙ. කොහොම වුණත් මේ මරණය නිසා පකිස්තානයෙ වයඹදිග ප්‍රදේශවල පැතිරිලා තියෙන තලේබාන් ක්‍රියාකාරකම් ඇණ හිටීමේ ඉඩක් නම් නැති වෙයි.

ඒකට එක හේතුවක් තමයි ගිය අගෝස්තු මාසෙ මේ කණ්ඩායමේ එවකට හිටපු නායකයා වන බයිතුල්ලා මෂුඩ් (Baitullah Mahsud) මේ විදියටම මිසයිල ප්‍රහාරයකින් මරල දැමුවත් සටනෙ ස්වභාවය තීව්‍ර වෙනවට වැඩි දෙයක් සිද්ධ නොවුණ එක. නායකයගෙ මරණය නිසා පොඩි තාවකාලික පසුබැස්මක් ඇතිවුණත් ඒකෙන් තලේබාන් සංවිධානයේ කඩාවැටීමට හේතුවෙන්න ඉඩක් නැහැ.

තලේබාන් ආරංචි මාර්ග කියන විදියට ජනවාරි 14 වෙනිද පකිස්තානෙ දකුණු වසිරිස්තානය (South Waziristan) කියන ප්‍රාන්තයට එල්ල කරපු මිසයිල ප්‍රහාරයකින් මෂුඩ් තුවාල ලබල. තත්වය බොහොම බරපතල නිසා ඔහුගෙ සගයින් උත්සාහ කරල තියෙනව ඔහුව පකිස්තානයෙ විශාලතම නගරය වන කරච්චියට ගෙනල්ල ප්‍රතිකාර කරන්න. නමුත් එහෙම අරං එන්න කලින් මෂුඩ් සදාකාලික නින්දට වැටිල.

කටකතාවලට අනුව මෂුඩ්ගෙ අනුප්‍රාප්තිකය වෙන්න සුදුසුකම් සපුරල තියෙන්නෙ නූර් ජමාල් (Noor Jamal) කියල සටන්කාමියෙක්.

ලෝක සිතියමේ පකිස්තානය තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:

1 ප්‍රතිචාර:

බිඟූ said...

ayoooo....

Post a Comment