පියාසැරිය

Friday, February 12, 2010

හිම කතරේ තීරණාත්මක සති දෙකක උදාව

සෑම අවුරුදු හතරකටම වරක් පැවැත්වෙන ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය (Winter Olympic Games) මෙවර කැනඩාවේ වැන්කුවර් (Vancouver) නගරයේ 12වැනි සිකුරාදා ෆැසිෆික් වේලාවට අනුව සවස 6:00ට ( එනම් ලංකාවේ සෙනසුරාදා උදෑසන 06:30ට) කැනඩාවේ ආණ්ඩුකාරවරිය වන මිචෙල් ජේන්ගේ (Michaëlle Jean) අතින් ආරම්භ වෙනවා. පුරා දවස් 16ක් තිස්සේ වැන්කුවර්හි BC Place Stadium නම් ක්‍රීඩාංගනයේත්, රිචමන්ඩ් (Richmond) නගරයේත් හා සාත්කාර නගරය වන විස්ටලර්හීත් (Whistler) පැවැත්වෙන මේ තරඟාවලියේ රටවල් 82කින් දළ වංශයෙන් ක්‍රීඩකයන් 5,550 ක ප්‍රමාණයක් ක්‍රීඩා 7ක් ඉසව් 86කට පමණ සහභාගි වෙනවා.


ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ ක්‍රීඩා බොහොමයක් අයිස් හා හිම ආශ්‍රිත කරන ඒවායි. ඒ අතරින් අයිස් හොකී, Biathlon, Cross‑country skiing, Freestyle skiing, Ski jumping, Snowboarding, Speed skating වැනි ක්‍රීඩා වලට තරඟකාරීත්වයෙන් යුතුව ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. මේ ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය මුළින් පැවැත්වුණේ 1924 වසරේදී ප්‍රංශයේ චාමෝනික්ස් ( Chamonix ) නගරේදී වන අතර දෙවන ලෝක යුද්ධය නිසා 1940 හා 1944 වසර දෙකේදී පැවැත්වුණේ නෑ. 1988දී කාල්ගී ( Calgary) හි පැවැත්වුණු 15වැනි උළෙලට පසුව කැනඩාව මේ දෙවැනිවරටත් සංවිධානය කරන්නේ විසි එක්වැනි ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියයි.

රතු ඉන්දියානු හා දේශිය ලංක්ෂණයට තැනක් ලබා දෙමින් මෙවර ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ සංකේතය ලෙස Ilanaaq පිළිමය (Ilanaaq යනු කැනඩාවේ දේශිය එක්සීමෝ භාෂාවක් වන Inukitutට අනුව මිත්‍රයා යන්න අදහස් කෙරෙන්නකි) යොදා ගැනෙන අතර තරඟාවලියේ සුරතලුන් ලෙස Miga, Quatchi, Sumi, හා Mukmuk නම් සිව් දෙනෙක් නම් කර තිබෙයි. එම සිවි දෙනාත් කැනඩාවේ මුල් ස්වදේශ ජාතිකයන්ගේ සංකල්පයකි.

මේ ශිත සෘතු තරඟාවලිය සඳහා ලංකාව සහභාගි නොවුවත් අපේ අසල්වැසියන් වන ඉන්දියාව (තරඟ 3ක්) , නේපාලය (තරඟ 2) හා පකිස්ථානය (තරඟ 1ක්) තරඟවැදීමට නියමිත අතර සාක් කලාපයට අභිමානයක් ඔවුන්ට ගෙන හැකි වෙතැයි පතමු.


ලෝක සිතියමේ කැනඩාවේ වැන්කුවර් නගරය පිහිටා ඇත්තේ මෙතැනයි :
(BC Place ක්‍රිඩාංගනයද රූපයේ දැක්වේ)


2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ නිල සුරතලුන් :


 

සබැඳි :
ශිත සෘතු ඔලිම්පික් තරඟාවලි
2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය
මෙවර ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියට සහභාගි වන රටවල්

2010 ශිත සෘතු ඔලිම්පික් තරඟාවලියේ නිළ වෙබ් අඩවිය


EAVB_VPEDCEQYEM

8 ප්‍රතිචාර:

budhajeewa said...

කැනඩාව තාම අපි අර 1972ට කලිං හිටපු විදියෙ රටක් වගේ නේ, ආණ්ඩුකාර කෙනෙක් ඉන්නේ?

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

@Supun Budhajeewa: හ්ම් හ්ම් :P

නියම ලිපියක්

Narada said...

@supun budhajeewa,
ඔව්, කැනඩාව එක්තරා අතින් තවම බ්‍රිතාන්‍යයේ කෝලීනයක් වගේ, ඒත් බ්‍රිතාන්‍යයෙන් දේශපාලනීක බලපෑම් එල්ල වෙනවා අඩුයි. ආණ්ඩුකාරවරයාට වුණත් තියෙන්නේ එක්තරා දුරට අපේ කථානායකගේ වගේ බලයක්.

වැඩි විස්තර පසු කාලයකදී ලිපි පෙළක විස්තර කරන්නම්.

budhajeewa said...

@~බිன்ku~:

පසුකාලයකදී නෙවෙයි, හැකි ඉක්මනින් ලියන්න කියලා ඉල්ලා සිටිනවා.

Indranama said...

කොහෙන් ගියත් Richmond තමයි ඉතින් :P

Thameera said...

@ඉන්දරේ
ඔය Richmond Hill කියන එකේ ඔරිජිනල් එක තියෙන්නෙත් කැනඩාවෙ නේද?
අපේ කස්ටියත් ඉතිං මෙහෙත් එංගලන්තයක් කරන්න ගිහිල්ලනෙ ඔහොම නම් දාල තියෙන්නෙ. :P

Indranama said...

ඔරිජිනල් Richmond Hill එක තියෙන්නෙ එංගලන්තයෙ. එහේ ඉඳන් කැනඩාවට ගිය මුල් පදිංචිකාරයො තමන්ගෙ රටේ තිබ්බ ඒ පුදේශය සිහිවෙන්න ඒ නම තිබ්බා. දැනටත් ඇමරිකාවේ නිව් ඉංග්ලන්ඩ් පලාතේ ගොඩක් ස්ථාන නම්-ගම් එංගලන්තයෙන් ආපුවා.

ඉතින් අපේ ඉස්කෝලෙ පටන් ගත්තෙත් එංගගන්තයෙන් ආපු වැස්ලියන් මිෂනාරි සභාවෙ දේවගැතිවරු නේ. උන්නාන්සෙලාත් තමන්ගෙ ගම් රටේ තිබ්බ කඳු වැටිය සිහිවෙන්න මේ පලාතට Richmond Hill කියල නම තිබ්බා.

ඕං ඔහොමලු උනේ.

Narada said...

Richmond, Richmond Hill යන විවිධ නම් වලින් ඒක ඒක ගම් නගර කැනඩාවේ දකින්න පුළුවන්. ඉන්දරේ කියු විදිහට එසේ වුණා තමා. බ්‍රිතාන්‍යය විසින් කැනඩාව යටත් විජිතයක් කරගත් විටයි. මේ ගැන කැනඩියානු මුල් ජාතිකයන්ගේ හා ප්‍රංශ ජන කොට්ඨාශයේ විරෝධයක් තිබුණු බව කියැවෙනවා.

(Ontraioහි Richmond Hill නම් ගම හරි සරළයි වගේම ලස්සනයි. කඳවුරුකරණයට කලෑවකට යන ගමන් ඒ පැත්ත පසු කරා).

Post a Comment