පියාසැරිය

Thursday, February 11, 2010

ඉරානය ජීමේල් තහනම් කරයි



ඉරාන රජය තමන්ගෙ රටේ ජීමේල් (Gmail) භාවිතය තහනම් කරල. මේක ප්‍රකාශයට පත්කරපු ඉරාන විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කියල තියන විදියට ඒ ගොල්ලො තමන්ගෙම කියල ජාතික විද්‍යුත් තැපැල් සේවයක් අඳුන්වල දෙන්නයි හදන්නෙ.

අද (පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා) තමයි ඉරාන විප්ලවයේ 31 වැනි සංවත්සය යෙදිල තියෙන්නෙ. මේක නිමිති කරගෙන ඉරාන රජයේ දූෂණවලට විරෝධතාව දක්වන්න රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කරල තියෙන බවයි ආරංචිය. මේව මැඩපවත්වන්න රට පුරා ආරක්ෂාව තර කරල තියෙන වෙලාවක තමයි මේ තහනම සිදු කරල තියෙන්නෙ. මීට අමතරව අන්තර්ජාල සහ කෙටි පණිවුඩ සේවා විටින් විට අඩාල වෙන බවටත් ඉරානය පුරා ජනතාවගෙන් මැසිවිලි නැගෙනව.

පසුගිය වසරෙ ඉරාන ජනාධිපතිවරණයෙ සිදුවුණයි කියන දූෂණ ගැන ලෝකෙට කියපු ප්‍රධාන මාර්ගයක් වුණේ ට්විටරය. #iranelection හෑෂ් ටැගය යොදාගෙන ඉරාන ජාතිකයන් කරපු වික්‍රමය නිසා ඉරාන රජය සයිබර් අවකාශය තමන්ගෙ ලොකුම හතුර බව තේරුම් අරගත්තු බවකුයි පේන්නෙ. මේ නිසා දිගින් දිගටම twitter, facebook වැනි සමාජ ජාල තහනම් කරන්න ඔවුන් පියවර ගත්ත. ජීමේල් තහනමත් මේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක්.

ජීමේල් කියන්නෙ ඉරාන තරුණ පරපුර අතරෙ ඉතාම ජනප්‍රිය සේවාවක්. අනෙක මේ ගූගල් සේවාව ලෝකය පුරාම ජනතාවට එදිනෙදා ජීවිතේට නැතිවම බැරි අංගයක් කරගෙන ඉවරයි. මේ පියවර නිසා ජනතාවගෙ රජය ගැන තියෙන ආකල්පය තව දුරටත් පළුදු වෙන එක තමයි වෙන්නෙ. චීන රජය මේ දවස්වල අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙනියන ප්‍රතිපත්තිත් මේකට බොහොම සමාන ආකාරයක් ගන්නව.

ලංකාවටත් මේ රෝගය බෝ නොවේවා කියල ප්‍රාර්ථනා කරන එක තමයි ඉතින් අපට කරන්න තියෙන්නෙ.

ලෝක සිතියමේ ඉරානය තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:
ලිපියේ මූලාශ්‍ර:


10 ප්‍රතිචාර:

වැප් said...

හප්පට සිරි .... උරැ/කුකුල්/ගව උණ වගෙ ඒයිද? ....

Sandun Dasanayake said...

අපේ ජනාධිපතිතුමයි ඉරාන ජනාධිපතිතුමයි හෙන ෆිට් නේද? එයිද දන්නේ නෑ මේ ලෙඩේ ලංකාවටත්.

budhajeewa said...

අපිටත් පාරට බහින්න වේද? :S

malee_msg said...

තව ටික දොහොකින් අපිටත්........

Anonymous said...

jaya wewaa !!!

Sam said...

ලංකාව දැනටමත් වැඩේට අත ගහලා ඉවරයී. අසබ්‍ය අඩවි නවත්වනවා කිය කියා කරන්නේ වැඩේට ඕන තාක්ශණය ගොඩ නගා ගන්නා එකයී.

Kasun said...

මේ යන විදියට මේක ලංකාව ඇතුලෙත් සිද්ද වෙන්න බැරි දෙයක් නෙමෙයි. සෑම් කිව්ව විදියටම අසභ්‍ය වෙබ් අඩවි තහනම කියල කරපු විගඩමේම තවත් දිගුවක්ම තමයි මේ.

යම් විදියක වාරණයක් හෝ පෙරහන් කිරීමක් ආවත්, අනිවාර්්‍යයෙන්ම ඒක කෙරෙන්නේ මේ සදාචාරය, සංස්කෘතිය, දේශප්‍රේමය වගේ දේවල් කඩතුරාවක් කරගෙන. මේවායෙන් ඔලුව කුරුවල් කරගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න නිසාත්, අන්තර්ජාලය කියන්නේ බියකරු තැනැක්ය යන හැඟීම බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ දෙනෙකු තුලත් සහ අර්ධ නාගරිකව පවා බොහෝ දෙමව්පියන් තුලත් තියෙන දුර්-අවබෝධයත් නිසා මේ වගේ දෙයකදී මුලින්ම ආණ්ඩුවකට ලැබෙන්න තියෙන චියර්! එකත් වැඩියි.

යම් විදියක මේ ආකාර තර්ජනයකදී භාවිතා කල හැකි විකල්ප තාක්ෂනික උපක්‍රම ගැන වැඩි වැඩියෙන් සමාජගත කරන එක තමයි අපට කලහැකි දේ.

Thameera said...

ඔව්, අනිවාර්යයෙන් මේ වගේ දෙයක් කරනව නම් දේශප්‍රේමීත්වය වගේ දේවල් උඩින් තමයි කරන්නෙ. කොහොම වුණත් ලංකාවට නම් චීනෙන් ඉරානෙන් වගේ මේ වගේ දේකට බලපෑම් එන්න තියෙන ඉඩකඩ වැඩියි. අපේ අයගෙ පරණ පවුවලට ඒවට කන් දෙන්න වෙන්න වෙයිද දන්නෙත් නෑ.

Anonymous said...

අපේ අයගෙ පරණ පවුවලට

Interesting point. පරණ පවු kiwwe masa 8kata 10kata kalin ewada naththan ??

Thameera said...

@මල් මාමා
මාසවලින් කියන්න අමාරුයි නේද?

Post a Comment