පියාසැරිය

Wednesday, February 3, 2010

කුණාටුව නිසා ගුවන් යානයක් අනතුරට

අඩිස් අබාබා නගරයට යමින් සිටි ඉතියෝපියානු ගුවන් සේවයට අයත් අහස් යාත්‍රාවක් පසුගිය දා, ලෙබනනයේ බෙයිරූට් ගුවන් තොටුපොළින් පිටත්ව සුළු මොහොතකින් අනතුරට ලක් වුණා. එහි ගමන් කළ මගීන් 90 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

මේ පිරිස අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙන්නෙක්, එක් ප්‍රංශ කාන්තාවක් (ඇය ලෙබනනයේ ප්‍රංශ තානාපතිගේ බිරිඳ ) සහ ලෙබනන්, ඉතියෝපියානු ජාතිකයන් රැසක් සිටියා. ඇසින් දුටුවන් කියුවේ මේ බෝයිං 737 යාත්‍රාව ගුවන් පථයෙන් නික්මී සුළු මොහොතකින් ගිනි ගෙන දැවෙමින් මුහුදට කඩා වැටුණා කියලයි.

යානයේ කළු පෙට්ටිය එහෙම සොයාගෙන නැති නිසා අනතුරට හේතුව තවමත් නිශ්චිත නැතත් විශේෂඥයන් කියන්නේ බොහෝ දුරට අයහපත් කාලගුණය නිසා මෙය සිදු වූ බවයි. මහ වර්ෂාව මධ්‍යයේ ගමන් ඇරඹූ යානාවට හෙණ කුණාටු මඟ හැර යන්නට විකල්ප ගමන් මාර්ගයක් තෝරාගන්නා ලෙස භූමි පාලක මධ්‍යස්ථානය මගින් උපදෙස් ලබා දී තිබෙනවා. එම උපදෙස් නොතකා ගුවන් නැවියා කුණාටුව දෙසටම යානය පැදවූයේ මන්දැයි තවමත් සොයාගෙන නෑ.


0 ප්‍රතිචාර:

Post a Comment