පියාසැරිය

Friday, February 19, 2010

හමුදා කුමන්ත්‍රණයකින් ජනපති අත්අඩංගුවට


අප්‍රිකානු රටක් වන නයිජර්හි හමුදා කුමන්ත්‍රණයකින් එහේ ජනාධිපති මමදෝ තන්ජා (Mamadou Tandja) අත්අඩංගුවට අරගෙන. ඊයේ (පෙබරවාරි 18 – බ්‍රහස්පතින්දා) සිදුවෙච්ච මේ කුමන්ත්‍රණයෙන් පස්සෙ නයිජර් රාජ්‍යය දැන් තියෙන්නෙ හමුදා පාලනයක් යටතෙ.

මෙහෙයුම ක්‍රියාත්මක වෙන විට ජනාධිපතියි රජයෙ උසස් නිලධාරීනුයි ජනාධිපති මන්දිරයෙ සාකච්ඡාවක ඉඳල තියෙන්නෙ. නයිජර්වල අගනුවර වන නියාමේ (Niamey) තුළින් දරුණු වෙඩි හුවමාරු සහ පිපිරීම් කීපයක සද්දත් ඇහිල තියෙනවා. සිද්ධියෙන් පස්සෙ ජනාධිපති හිර කරගෙන ඉන්න තැන ගැන තාමත් හරියටම ආරංචියක් නැහැ.

යුරේනියම් නිධි බහුල රටක් වුණාට නයිජර් කියන්නෙ ලෝකෙ දුප්පත්ම රටවල් අතරින් එකක්. හමුදා පාලන කියන්නෙ එහාට අළුත් දෙයක් නෙවෙයි. 1960 දි ප්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස ලබපු දවසෙ ඉඳල අවස්ථා 3කදි මෙහේ හමුදා පාලන තිබිල තියෙනව. මෙතෙක් දවස් හිටපු ජනාධිපති තන්ජා 1999 දි තනතුරට පත්වෙලා 2004 මැතිවරණෙදි නැවතත් ජයග්‍රහණය කරපු කෙනෙක්.

දැන් නයිජර් පාලනය අතර අරගෙන තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇතිකිරීමේ කවුන්සිලය (Supreme Council for the Restoration of Democracy – CSRD) කියල සංවිධානයක්. හමුදා ප්‍රධානීන් වට කරගෙන රූපවාහිනියෙ පෙනී සිටපු ඒකෙ නායකය සන්සුන්ව ඉන්න කියල රටේ ජනතාවගෙන් ඉල්ලල. නයිජර් ප්‍රජාතන්ත්‍රවාදයත් යහ පාලනයත් ඇති රටක් විදියට පාලනය කිරීම තමන්ගෙ අරමුණ කියලයි ඔහු කියන්නෙ. මීට අමතරව නයිජර් ව්‍යවස්ථාව තාවකාලිකව අත්හිටුවල තියෙන බවත් සියලුම රාජ්‍ය ආයතන නැවත දැනුම් දෙන තුරු වහල තියෙන බවත් ඔහුගෙ කතාවෙදි කියවිලා.


ලෝක සිතියමේ නයිජර් තියෙන්නෙ මෙන්න මෙතන:


වැදගත් සබැඳි:

5 ප්‍රතිචාර:

Narada said...

Ena pota honda næ wage!

budhajeewa said...

මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නැද්ද මේවට තමන්ට සල්ලි දෙන බටහිර රටවල අරමුණ ඔය තියනවැයි කියන යුරේනියම් ටිකට කෙලවන්නෙයි කියලා?

:/

බිඟූ said...

මොවුන්ගේ මොල ගෙදි ඇතුලේ තියෙන්නේ මැටිද බං?

/බිඟුවා...!

Newton said...

test

Newton said...

තව පොස්ට් දානව. අඩුගානෙ දවසට එකක් වත්. මේක මම දිගටම බලනව. අවුල තියෙන්නෙ ලිපි ගාන මදි එක තමා.

Post a Comment