පියාසැරිය

Monday, February 22, 2010

පයිලට්ලා වැඩ වර්ජනයක


අපි හිතං ඉන්නෙ ලංකාවෙ ප්‍රයිවට් බස් විතරයි වර්ජනය කරන්නෙ කියලනෙ. දැන් බලාගෙන යනකොට වැඩ වර්ජන අපිට ආවේණික දෙයක් නෙවෙයි. ජර්මනියෙ ප්‍රධානතම ගුවන් සේවය වන ලුෆ්තන්සා (Lufthansa) සේවයේ රා‍ජකාරි කරන ගුවන් නියමුවන් 4000කට අධික පිරිසක් අද (22 සඳුදා) ඉඳං වැඩවර්ජනයක් පටන් අරගෙන.


ලුෆ්තන්සා කියන්නෙ ලෝකෙ තියෙන ප්‍රධානතම ගුවන්සේවා කිහිපයකින් එකක්. මේ දින හතරක වැඩ වර්ජනය නිසා ලෝකය පුරා ගුවන් ගමන් සේවා අඩාල ‍වීමේ ඉඩක් පවතිනව කියලයි කියන්නෙ. ගුවන් සේවයටත් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක පමණ පාඩුවක් වෙන විදියයි.

වැඩවර්ජනයට මූලික හේතුව වෙලා තියෙන්නෙ පඩිනඩි පිළිබඳව ගුවන්සේවයත් ගුවන් නියමු සේවක සංගමයත් අතර ඇතිවෙච්ච සාකච්ඡා අසාර්ථක වීම. ළඟදි ලුෆ්තන්සා ගුවන් සේවය පොඩි පොඩි ගුවන් සේවා කීපයක්ම තමන්ගෙ යටතට ගත්තා. මේ නිසා තමන්ගෙ රැකියාවේ සුරක්ෂිතබවට පහරක් එල්ල වෙලා තියෙන බවත් ඒ සංගමය කියනවා.

කොහොමවුණත් වර්ජනය නිසා මගීන්ට ඇතිවෙන අපහසුතාව අවම කරන්න සීමාසහිත ගුවන් ගමන් වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න සංගමය පියවර අරගෙන තියෙනවා. කරදරයට පත්වෙච්ච මගීන් බ්ලොග් සහ ට්වීට් මගින් ‍ගුවන්‍ සේවයට දැඩි ලෙස දෝෂාරෝපණය කරල තියෙනව කියලයි ආරංචිය.



ලෝක සිති‍යමේ ජර්මනිය තියෙන්නෙ මෙන්න මෙතන (තද කොළ පැහැති ප්‍රදේශය):



වැදගත් සබැඳි

3 ප්‍රතිචාර:

Sandun Dasanayake said...

ලංකාවෙ වගේ සංගමේ කියන දේ අහන්නෙ නැතුව වැඩට එන පයිලට්ලට ගේට්ටුව ගාව ඉඳන් නෙලනවද දන්නෙ නෑ :)

N-A-V-E-E-N said...

ඒ වෙලේ වැඩ කර කර හිටිය පයිලට්ලාත් වර්ජනය කරාද දන්නෙ නෑ. :p

Thameera said...

@දසයා
ඒව කියන්න බෑ. :) කොහොම වුණත් වර්ජනයට සේවක සංගමේ සේවකයන් 90%කගෙ අනුමැතිය ලැබිලා

@N-A-V-E-E-N
අඩේ ඔව් නේද, කියන්න බෑ, හොයල බලන්ඩෝන :P

Post a Comment