පියාසැරිය

Friday, February 26, 2010

අරාබි කාන්තාවන්ට නඩු කියන්ට අවසර


සවුදි අරාබියේ නීතිඥවරියන්ට උසාවිවල නඩු ඇසීමේ වරම් හිමිවෙලා. මේ අළුත් නීතියට අනුව කාන්තා නීතිඥවරියන්ට උසාවියේදී විවාහය, දික්කසාදය ආදී පවුල් ප්‍රශ්න සම්බන්ධ නඩු විභාගවලදී වෙනත් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ලැබිල තියෙනවා.

පුරුෂ ආධිපත්‍යයකින් යුතු අරාබි නීතියට අනුව තමන්ට අදාළ නැති පුරුෂයින් සමග අරාබි කාන්තාවක් හැසිරීම දැඩි වරදක්. ඔවුන් සියලු දෙනා ප්‍රසිද්ධ ස්ථානවලදී තම සිරුර ආවරණය කරගෙන සිටිය යුතුයි. ඔවුන්ට වාහන පදවාගෙන යන්න දෙන්නෙ නැහැ. කොටින්ම වයස 45ට අඩු කාන්තාවක් නම් ගෙදරින් පිට කොහේ ගියත් තමන්ගෙ භාරකාර පුරුෂයගෙන් අවසරය අරගෙන තමයි යන්න ඕන.

මෙතෙක් කල් අරාබි නීතිඥවරියන්ට වැඩ කරන්න සිදුවුණේ රජයේ කාන්තා අංශයේ සහ වෙනත් උසාවි කාර්යාලවල විතරයි. මෙහෙම කරල තිබුණෙ ඔවුන්ව අනිත් පිරිමි සමග ගැටීම අවම කරගන්න. දැන් සවුදි රජය විසින් කාන්තාවන්ටම වැඩ කරන්න කියල පවුල් උසාවි ක්‍රමයකුත් ඇති කරන්න යනව කියලයි ආරංචිය.

මේ පියවර අරං තියෙන්නේ සවුදියේ නායක අබ්දුල්ලා රජු විසින්. මේ දවස්වල ඔහු අරාබි නීති ලිහිල් කිරීමේ වෑයමක නිරත වෙලා ඉන්නව කියලයි කියන්නෙ. ගිය අවුරුද්දෙ පිරිමින්ටත් කාන්තාවන්ටත් දෙගොල්ලොන්ටම ඉගෙන ගන්න පුළුවන් තාක්ෂණ විශ්වවිද්‍යාලයක් සවුදියෙ බිහිවුණා. මේ වෙනකොට නම් තනියම ගිහින් තානායමක වගේ තැනක හැසිරෙන්න වුණත් කාන්තාවන්ට පුළුවන්ලු. හැබැයි අරාබියෙ ගොඩක් දැඩි ආගමික මත දරන පිරිස් මේ වෙනසට කැමති නැහැ.

ලෝක සිතියමේ සවුදි අරාබිය ‍තියෙන්නෙ මෙන්න මෙතන:



වැදගත් සබැඳි:

8 ප්‍රතිචාර:

Anonymous said...

පවුල් උසාවි......!!
හොදයි හොදයි මුස්ලිම් ගෑනුන්ටත් "House courts"

isaman said...

සමහර දේවල් ඒ අයටත් ලබාගන්න අයිතියක් ත්හියෙනවා. ඒ මගේ අදහස.

Anonymous said...

ඇත්තටම වෙනම උසාවියක් නෙමෙ, ගෑනුන්ට ඒ අයගෙ නීති ප්‍රශ්න, පවුල් ආරවුල් සම්බන්ද උසාවි කටයුතු වලදි කානිතා නීතීඣ්වරුන්ගේ සේවය ලබාගන්න අවසර දීමක් තමා වෙලා තීන්නෙ. මේක ඇත්තටම හොන්ද ප්‍රවනතාවක්.
මොකද ස්වදේශික විතරක් නෙම් ඕනිම විදේශික කාන්තාවක් උනත් අබාය (මුලු ඇන්ගත් ඔලුවත් වැහෙන කලු රෙද්ද ) නැතුව එලියට යන්න බැරි, ගෑනුන්ට විශේශ අවසරයකින් (ලබා ගැනීමට ඉතා අපහසු ) තොරව ගන්න, හැර වෙනත් අන්ශයක කරන්න බැරි රටක මේවා ලොකු ජයග්‍රහන තමයි.

අලුත් නීතිය ගැන වැඩි විස්තර මෙන්තනින් බලන්න.
http://arabnews.com/saudiarabia/article22092.ece?comments=all

Anonymous said...

ලංකාවෙත් නීතිය වෙනස් කරන්න අවශ්‍යයි අරාබියෙ වගෙ

budhajeewa said...

You know what, these Arabian countries are VERY sick! :/

Kanchana said...

මේ නීති තදින්ම තියෙන්නෙ සවුදි වල තමා. එක්සත් අරාබි එමීර් වල නම් කිසිම දෙයක් නෑ.ඩුබායි වල නම් ගොඩාක් අරාබි තරුන තරුනියන් බටහිර ක්‍රමයට හැඩ ගැහිලා. මූන විතරක් පේන්න අන්දින එක විතරයි හරියට කරන්නෙ. ඒ මූනෙත් බලන්න බැරි තරම් මේකප්.

Kanchana said...
This comment has been removed by the author.
Kanchana said...

මේ නීති තදින්ම තියෙන්නෙ සවුදි වල තමා. එක්සත් අරාබි එමීර් වල නම් කිසිම දෙයක් නෑ.ඩුබායි වල නම් ගොඩාක් අරාබි තරුන තරුනියන් බටහිර ක්‍රමයට හැඩ ගැහිලා. මූන විතරක් පේන්න අන්දින එක විතරයි හරියට කරන්නෙ. ඒ මූනෙත් බලන්න බැරි තරම් මේකප්.

Post a Comment