පියාසැරිය

Saturday, February 13, 2010

ඇමේසන් වන මැද ජල විදුලි වේල්ලට බ්‍රසීලයෙන් අවසර

පරිසර හිතකාමීන්ගේත් ස්වදේශික ජන නායකයන්ගේත් විරෝධතා මධ්‍යයේ, ඇමේසන් වැසි වනාන්තරය තුළ, ලොව තෙවන විශාලතම, ජල විදුලිය සඳහා නිමවෙන වේල්ල ඉදිකිරීමට බ්‍රසීල රජය අවසර දීලා.

මෙගාවොට් 11000ක ධාරිතාවකින් යුතුව පැරා ප්‍රාන්තයේ ෂින්ගු ගඟ හරස් කෙරෙමින් මේ 'බෙලො මොන්ටේ' වේල්ල ඉදි කෙරෙන්නේ, සීඝ්‍රයෙන් වැඩි වන බලශක්ති ඉල්ලුම සපුරා ලීමටයි. ගණනය කර ඇති අන්දමට මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඩොලර් බිලියන 17ක්.

මේ වේල්ල නිසා වර්ග කිලෝමීටර 250ක භූමි භාගයක් ජලයෙන් යටවෙනවා. පරිසර වේදීන් කියන්නේ මේ ගංවතුර නිසා ඇමේසන් වනයේ සංවේදී පරිසර පද්ධති වලට, මත්ස්‍ය හා වෙනත් ජලජ ජීවින්ට, ජෛව විවිධත්වයට තර්ජනයක් ඇතිවන බවයි.
ස්වදේශික නායකයින් කියන්නේ මෙ මගින් තම පාරම්පරික ගෝත්‍රවල ජීවනෝපායයන් ඇහිරී, දිවි පැවත්මට බාධා වී තමන්ට යන එන මං නැති වනු ඇති බවයි.

නමුත් බ්‍රසීල පරිසර අමාත්‍ය කාලෝස් මින්ක් කියන හැටියට එම භූමියේ වර්ග කිලෝ මීටර 48ක් විතර කොහොමත් වාර්ෂිකව වැසි කාලෙට ජලයෙන් යට වෙනවා. ඒ වගේම සිදුවන පරිසර හානිය අවම කිරීමට ව්‍යාපෘතිය භාරගන්නා සමාගම බැඳී සිටිනවා. මෙනිසා අවතැන් වන ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමටත්, ආවේණික සංස්කෘතීන් රැක ගැනීමටත්, ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් ඩොලර් මිලියන 803ක් ඔවුන් විසින් වියදම් කිරීමට ගිවිසගෙන සිටිනවා.

ලෝක සිතියමේ ඇමේසන් වනය සහ බ්‍රසීලය පිහිටා තියෙන්නේ මෙන්න මෙහෙම:





වැදගත් සබැඳි:

ලිපියේ මූලාශ්‍ර:

3 ප්‍රතිචාර:

Rasika Nanayakkara said...

කාර්මීකරණය නිසා ලෝකේ ස්වබාවික සම්පත් ගොඩක් නැති වෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ තමන් ගැන විතරයි. අනාගතේ උපදින්න ඉන්න එවුන් ගැන හිතන්නේ හෙන අඩුවෙන්. එහෙව් 1 ඔය වගේ තීන්දු තීරණ ගන්න 1 නිතරම වෙන එකක්. දැන්ම නැති උනාට අනාගතේ යම් දවසක අපේ රටවල්වලත් ඔයවගේ දේවල් වේවි. ලෝකේ කැරකෙන වේගෙත් එක්ක ගත්තාම ඒක නවත්තන 1 ලේසි පහසු වැඩක් වෙන 1ක් නෑ. මතක තියාගන්න. කව්රු කොහොම කිව්වත් මේ ලොකේ පාලනය කරන්නේ සල්ලි. සල්ලි හොයන්න මිනිස්සු ඕනෙම දෙයක් කරයි.

ජය වේවා...

budhajeewa said...

මිනිස්සු තමංවම විනාශ කරගන්න තව එක ක්‍රමයක්. නමුත් මේක යුද්ධයකටත් වඩා භයානකයි. මොකද යුද්දෙකදී ඍජුව හානිවෙන්නේ යුද්ධය පවතින සමයේ ඉන්න පරම්පරාව විතරයි! :(

Narada said...

ඉතා අවාසනාවත්ත තත්වයක්!
මේ වගේ දේවල්හී විපාක ගැන Winter Olympic Ceremonyහි සංගීතමය හා නර්තනයෙන් පෙන්නුවා.

Post a Comment