පියාසැරිය

Sunday, February 28, 2010

නේටෝ ප්‍රහාර වලින් සිවිල් වැසියන් මරුට

ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සිවිල් වැසියන් රැගත් රථ පෙලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන්, ළමුන් ඇතුළු 27 දෙනෙක් මියගොස් අතැයි ඇෆ්ගන් බලධාරිහු පවසති.

දකුණු ඇෆ්ගනිස්තානයේ උරුගන් ප්‍රාන්තයේදී ප්‍රධාන පාරක ගමන් කළ රථ 3කට එල්ල කළ මේ ජෙට් ප්‍රහාරය කිසි සේත් සාධාරණීකරණය කළ නොහැකි බව ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සෙමාරයි බශාරි කළ නිවේදනයකින් පැවසිණි.

ප්‍රහාරයෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති අතර මියගිය අය අතර කාන්තාවන් 4 දෙනෙක් සහ ළමුන් කිහිප දෙනෙක් ද සිටින බව කියැවේ. පසුගිය සතිය තුල පමණක් නේටෝ හමුදා අතින් මියගිය සිවිල් වැසියන් ගණන 60 ඉක්මවා ඇත.
ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවල අණදෙන නිලධාරී, ඇමෙරිකානු ජෙනරාල් ස්ටැන්ලි මැක්ක්‍රිස්ට්ල් පැවසුවේ කන්දහාර් සිට ද'කුන්දි දක්වා ගමන් කළ මේ රථ පෙල සන්නද්ධ කණ්ඩායමක් ලෙස වරදවා වටහා ගත් බවත් මේ වැරදීමෙන් සිදුවූ හානිය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ය.
"අප මෙහි සිටින්නේ ඇෆ්ගන් ජනතාව රැක ගැනීමටයි. මෙවන් අනතුරු නිසා සිදු වන්නේ අපේ අරමුණ කෙරෙහි සිවිල් ජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමයි. මින්පසු මෙවැනි දේ සිදු නොවීමට දෙගුණයක් කල්පනාවෙන් කටයුතු කරනවා" ඔහු තවදුරටත් පවසා ඇත.
මේ ප්‍රාන්තයට අසල්වැසි හෙල්මන්ඩ් දිස්ත්‍රික්කයේ මර්ජාහ් හි ඇෆ්ගන්, නේටෝ හා ඇමෙරිකානු හමුදා වලින් සැදුම් ලත් 15000කට අධික සෙබල බල මුළුවක් තලේබාන් කොටස් පළවා හැරීම පිණිස දරුණු සටන් වල නි‍යැලී සිටිති.

ලෝක සිති‍යමේ ඇෆ්ගනිස්තානය තියෙන්නෙ මෙන්න මෙතන:

වැදගත් සබැඳි

ලිපියේ මූලාශ්‍ර



EAVB_QSNEWCBOWI

3 ප්‍රතිචාර:

budhajeewa said...

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කෑගහන "මානව අයිතිවාසිකම්" මේකෙන් උල්ලංඝනේ උනේ නැද්ද දන්නෙ නෑ? :/

තරිඳු said...

@budhajeewa

කෑනුගහා හිටපන්. කපුවා දේවාලෙ පැහැරුවාට ගඳ නෑ. වෙන එකෙක් කලොත් තමා ගඳ ;-)

Anonymous said...

මේක ඇමරිකවෙ හමුදාපතිට හොරෙන් ආරක්ශක ලෙකම් විසින් එල්ල කරවූ ප්‍රහරයක් වෙන්න බැරිද?
හැබයි ඒක දැනගන්න හමුදාපතිතුමා පැන්ශන් ගිහින් විපක්ශෙන් චන්දෙ ඉල්ලනකන්ම ඉන්න වෙනවා.

Post a Comment