මේ දවස්වල පුවත් සේවාවල දවසෙම කතාවෙන මාතෘකාවක් තමයි හයිටියේ සිදුවුණු භූමිකම්පාව. රික්ටර් මාපකයෙ විශාලත්වය 7.0ක් ලෙස සඳහන් වුණු මේක සිදුවෙලා තියෙන්නෙ ජනවාරි 12වැනි බදාදා. හයිටියේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් (Port-au-Prince) වල ඉඳල කිලෝමීටර් 16ක දුරකින් තමයි කම්පාවෙ කේන්ද්‍රය පිහිටල තියෙන්නෙ. මේ නිසා සිදුවුණු හානිය ඉතා දරුණුයි.
තවමත් හරියටම සංඛ්‍යාලේඛන නැතත් දහස් ගණනක ජීවිත අහිමිවෙලා ඇති කියලයි කියන්නෙ. අගනුවර පුරාම ගොඩනැගිලි විනාශවෙලා. මේ අතරෙ එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලයත් කුඩේ කුඩු. ජනාධිපති මන්දිරයටත් ගොඩක් අලාබ හානි වෙලා, ඒත් ජනාධිපතිතුමා නම් නූලෙන් බේරිලා.
හයිටිය ලෝකෙ විවිධ තැන්වලින් ආපු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයින් 9000ක් පමණ ඉන්න රටක්. මේ අතරෙ ලංකාවෙන් ගියපු බර ගාණකුත් ඉන්නවා. ඒත් අපේ අයට නම් කරදරයක් නැහැ කියලයි ආරංචිය. කොහොමවුණත් බ්‍රසීල ජාතික සොල්දාදුවන් 4 දෙනෙක් මිය ගිහින්.
අගනුවර රෝහලුත් විනාශවෙලා නිසා තත්වය තවත් බරපතල වෙලා. වැඩි දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාරවත් ගන්න විදියක් නැතුව ඉන්නෙ. රතු කුරුස සංවිධානය ඇතුළු ගොඩක් රටවල් දැනටමත් ආධාර දෙන්න ලෑස්තිවෙලා.
ලෝක සිතියමේ හයිටිය තියෙන්නෙ මෙන්න මෙතන:
වැදගත් සබැඳි:
- http://en.wikinews.org/wiki/Details_emerge_in_Haiti_earthquake;_thousands_feared_dead
- http://www.stabroeknews.com/2010/world/01/13/eleven-brazil-soldiers-killed-in-haiti-quake-many-missing/
- http://online.wsj.com/article/SB10001424052748704362004575000823682738904.html?mod=googlenews_wsj
2 ප්‍රතිචාර:
ලංකාව වගේම විදේශ බලවේග වලින් නතු කරගන්න බලන, නමුත් අපි වගේ ඊට ප්‍රතිරෝධයක් දෙන්නට පවා නොහැකි වුනු රටකට ස්‍වභාවධර්මය පවා අකාරුණික වෙලා! කණගාටුයි.
***
සරල භාෂා රටාවත්, වැදගත් පිටු වලට සබැඳි එක් කිරීමත් මේ පුවත් සේවාවට හරිම ලස්සනක් එකතු කරනවා.
ada thama tikak nidhahasak labune.
diagatama karagena yanna jaya pathanawaa...
Post a Comment