මේ දවස්වල ඡන්ද උණුහුම තියෙන්නෙ අපේ ලංකාවෙ විතරක් නෙවෙයි. යුක්රේනයේ ජනපතිවරණය පැවැත්වෙන්නෙ 2010 ජනවාරි 17 වැනිදා. මේ ලියන වෙලාවට අනුව නම් හෙට.
මේක 1991දි සෝවියට් දේශෙන් නිදහස ලැබුණට පස්සෙ පැවැත්වෙන පස්වැනි ජනාධිපතිවරණෙ. අපේක්ෂයකයන් 18 දෙනෙක් නාම යෝජනා බාර දීල තියෙනවා.
![]() | ![]() |
වික්ටර් යානුකොවිච් | ජූලියා ටිමොෂෙන්කෝ |
ඇත්තටම මේ මැතිවරණෙ ප්‍රචාරක කාල සීමාවෙදි සිදුවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා ගණන ඉතාම ඉහළ අගයක් ගන්නව කියලයි මැතිවරණ නිරීක්ෂකයන් කියන්නෙ. ජනමත විමසුම්වලට අනුව ජනතාවගෙන් 57%කගෙ (

මේ අපේක්ෂකයො දෙන්නගෙන් දැනට නම් වැඩිපුර බර යානුකොවිච්ගෙ පැත්ත. ඒත් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි නිසා ජනාධිපති වෙන්න අවශ්‍ය 50%ක ප්‍රතිශතයක් ගන්න එක බොහොම අමාරුයි. එහෙම වුණොත් ඡන්දෙන් වැඩිම මනාප ගත්තු අපේක්ෂකයො දෙන්න අතර තවත් අවසන් ඡන්දයක් තියලයි ජනාධිපති පත් කරන්නෙ. මේ වැඩේ ලංකාවටත් හොඳයි නේද? වියදම තමයි පුරස්නෙ.

ලෝක සිතියමේ යුක්රේනය තියෙන්නෙ මෙන්න මෙතන:

වැදගත් සබැඳි
ලිපියේ මූලාශ්‍ර:
- http://www.washingtonpost.com/wp-dyn/content/article/2010/01/16/AR2010011600941.html
- http://www.reuters.com/article/idUSLDE60E29G20100115
- http://www.reuters.com/article/idUSLDE60B23Q20100112
- http://en.wikipedia.org/wiki/Ukrainian_presidential_election,_2010
5 ප්‍රතිචාර:
[said]
එහෙම වුණොත් ඡන්දෙන් වැඩිම මනාප ගත්තු අපේක්ෂකයො දෙන්න අතර තවත් අවසන් ඡන්දයක් තියලයි ජනාධිපති පත් කරන්නෙ. මේ වැඩේ ලංකාවටත් හොඳයි නේද? වියදම තමයි පුරස්නෙ. confused
[/said]
දෙවන (සහ තෙවන) මනාප ගණන් කිරීමේ ක්‍රමය නිසා ඒ ගැටළුව මෙහේ නෑ.
අර ඉන්නව කියපු ඉතිරි අපේක්‍ෂකයො ප්‍රධාන කෙනෙකුට සහය දක්වලා ඉවත් වෙලා නැද්ද? :P
ඔව් නේන්නං! අමතක වුණා.
@බුධාජීව
ඔව් නේන්නං! අමතක වුණා.
ආ.. මුතු ඇටේ වගේම ඡන්දෙට මරා ගන්නවද මේ කට්ටියත් ;-)
එල එල දිගටම ලියන්න අපෙන් ගට.
පත්තරයක්වත් බලන්න නැනෙ වෙලාවක්..............
Post a Comment