නයිජීරියාවේ ජනාධිපති තුමා මීට දවස් 55කට කලින් විදේශ ගත වුණේ තමන්ගේ හදවත් රෝගයට ප්‍රතිකාර ලබාගන්න. ගියා ගියාමයි සති ගණනක් යනතුරු රට වැසියන්ට ජනාධිපති තුමා ගැන කිසිම ආරංචියක් දැන ගන්න ලැබුණෙ නෑ. පනස් අට වියැති ජනපති උමාරු යාර්'අඩුආගේ මේ අද්භූත අතුරුදහන් වීම නිසා ජනතාව දිනෙන් දින නොසන්සුන් වෙන්න පටන් ගත්තා. උප ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ට නිල වශයෙන් බලය පවරලා ගියෙත් නැති නිසා රට අරාජික වේයැ යි බොහෝදෙනා බය වුණා. ජනාධිපති තුමාගේ තත්ත්වය අසාධ්‍ය බව සමහර විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු දැනටමත් මියගොස් ඇතැයි කට කතා පැතිරුණා.
මේ අතරේ පසුගිය මාසේ ඉදිරිපත් කළ අයවැයේ ඇත්තේ ජනපති තුමාගේ හොර අත්සනක් බව විපක්ෂය ප්‍රකාශ කළා. නොබෙල් ත්‍යාගලාභී ලේඛක වෝල් සොයින්කා පෙරටු කරගත් නයිජීරියානු ජනතාව "උමාරු ඔබ කොහිද?" අසමින් වීදි බැස උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා.
මේ අතර පසුගිය දා හදිසියේම මාස දෙකක නිහැඬියාව බිඳිමින් බීබීසිය හරහා දුරකතන ඇමතුමකින් ලොව ඇමතූ ජනපති උමාරු තමන් දැන් සුව වෙමින් සිටින බව ප්‍රකාශ කළා. "මම දැනටමත් ප්‍රතිකාර ලබමින් සුව අතට හැරෙමින් ඉන්නේ. ඉතා ඉක්මනින් සුවය ලබා නැවතත් මගේ වැඩ භාර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා" ඔහු පැවසුවා.
තෙල් සම්පතින් සපිරි, කවදත් නොසන්සුන් නයිගර් ඩෙල්ටාවට මේ පුනරාගමනයත් සමග නැවතත් සාමකාමී වාතාවරණයක් වෙත ළඟාවන්නට හැකි වෙයිද?
ලෝක සිතියමේ නයිජීරියාව තියෙන්නෙ මෙන්න මෙතන:වැදගත් සබැඳි:
- නයිජීරියාව
- නයිගර් ඩෙල්ටාව
- acute pericarditis - inflammation of the lining of the heart
- http://edition.cnn.com/2010/WORLD/africa/01/13/nigeria.president.health/
- http://www.nytimes.com/2010/01/13/world/africa/13nigeria.html
- http://www.economist.com/world/middleeast-africa/displaystory.cfm?story_id=15270968
- http://news.bbc.co.uk/2/hi/africa/8445776.stm
1 ප්‍රතිචාර:
අරුම පුදුම අමාරු උමාරු කාරයෙක්නේ? එච්චර දවස් ඇහැක් කනක් පාත් වෙලා තිබ්බේ නැද්ද වාස දේශ දිහාවට?
Post a Comment