මෙච්චර කාලයක් ලෝකෙ අංක එකේ අපනයනකරු විදයට හිටියෙ ජර්මනිය. ඒත් ඔන්න දැන් ඒ තැන චීනෙට ඇවිල්ල.
ගිය අවුරුද්දෙ චීනෙ මුළු අපනයන ප්‍රමාණය 17.7% කින් වැඩි වෙලාලු. මේ අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2 ක්ලු. ට්‍රිලියන 1.2 ඉලක්කමෙන් ලියන්න දන්නව නම් ප්‍රතිචාරෙකුත් දාලම යන්න.
කොහොමින් කොහොම කිව්වත් තාම ජර්මනිය එයාලගෙ ගිය අවුරුද්දෙ වෙළෙඳාම ගැන අන්තිම වාර්තාව ඉදිරිපත් කරල නැහැ. පෙබරවාරි 9 වෙනිද ඒක ඉදිරිපත් කරනකං ටක්කෙටම කියන්න බැරිවෙයි කවුද හරියටම එක කියල. ඒත් පත්තර නම් කියන්නෙ චීනෙට ජය නියතයි කියල.
2008 අවුරුද්දෙ මැද ඉඳල චීනෙ තමන්ගෙ මුදල් ඒකකය වෙන යූ ආන් එකක අගය ගොඩක් අඩුවෙන් තියාගෙන ඉඳල තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ තමන්ගෙ අපනයන ඉහළ මට්ටමකින් පවත්වගෙන යන්නලු. ගොඩක් බටහිර රටවල් මේ වැඩේට කැමති නැහැ. ඒත් චීනෙ අගමැති වෙන් ජියාබාවෝ (Wen Jiabao) නම් කියන්නෙ යූආනය ගැන තීරණ වෙනස් කරන්න වෙන රටවලින් එන පීඩනයට බැහැ කියල.
වැදගත් සබැඳි:
මේ ලිපියේ මූලාශ්‍ර:
- http://www1.voanews.com/english/news/asia/China-Overtakes-Germany-as-Worlds-Biggest-Exporter-81090602.html
- http://english.aljazeera.net/news/asia-pacific/2010/01/201011063031943295.html
2 ප්‍රතිචාර:
ඒ එක්කම ගුගුල් සේවාවත් චීනයත් අතර පරහක් ඇති වෙලා. ඒ නම් ලෝකයේ අත්තර්ජාලයේ දැවැන්තයා හා ලෝකයේ දැවැන්ත අපනයනකරු එක්ක ගැටුමක් කියලා කිව හැකි වෙයි ;)
ෆුහ්.. චීනෙත් දැන් ලේසි නැ නේද :D
ට්‍රිලියන 1.2 කියන්නෙ 1,200,000,000,000 වෙන්න ඕන :D
මේක බලන්න
http://www.jimloy.com/math/billion.htm
Post a Comment